ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම ගෑස් සමාගම පවසනවා.

එහිදී කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත්, 300 ත්, අතර මිළකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

එම නිශ්චිත මිල අද පෙරවරුවේ ප්‍රකාශ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර කිලෝග්‍රෑම් පහ සහ කිලෝ ග්‍රෑම් 2.3 ක බරින් යුත් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ගණන් ද අද අඩු කිරිමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content