ලබන මාර්තු මස 9 වනදා පැවැත්වීමට සැළසුම් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් අද යළි විභාගයට ගැනීමට නියමිතයි .

ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා පසුගියදා පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවේ විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා විසින්.

රටේ බරපතල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බරපතල කොන්දේසි පනවා ඇති මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට සමාජය තුල මතයක් නිර්මාණය වී ඇති බව ඔහු එමඟින් පෙන්වාදී තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම තුලින් රටට හෝ මහජනතාවට කිසිදු යහපතක් අත් නොවන බව පෙන්වා දෙන ඔහු ඉල්ලා ඇත්තේ මැතිවරණ කටයුතු සිදුකිරීම වැළැක්වීමේ රීට් ආඥාවක් මැතිවරණ කොමිසමට නිකුත් කරන ලෙසයි.

මේ අතර පළාත්පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවරණ කොමිසන් සභාවට නියෝග කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය ඇතුලු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ගොනුකළ පෙත්සමද අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.

මෙහි එක් පෙත්සමක් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ මහාචාර්ය ජී.එල් පීරිස් යන මහත්වරුන් විසින් ගොනුකළ අතර අනෙක් පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා සහ එම්.ඒ සුමන්දිරන් යන මන්ත්‍රීවරුන් විසින්.

පසුගිය දා මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ නාමයෝජනා කැඳවීමෙන් පසුව පළාත් පාලන ඡන්දය විමසීම් පනතට අනුකූලව ඡන්දය විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා ඇතුළු එහි සාමාජිකයන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා.

https://www.vnews.lk/storage/2023/02/NIMAL-PUNCHIHEWA-EDIT-01.mp3?_=1

මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා

https://www.vnews.lk/storage/2023/02/NIMAL-PUNCHIHEWA-02-EDIT.mp3?_=2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/02/ROHANA-HETTIARACHCHI-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content