Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධීව රැගෙන යමින් තිබූ රත්‍රං තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන තිබෙනවා.

රත්‍රං කිලෝග්‍රෑම් 17 කට අධික ප්‍රමාණයක් තමිල්නාඩුවේ මන්ඩපම් ප්‍රදේශයේ මුහුදේ යාත්‍රා කරමින් තිබියදී වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණේ ආදායම් බුද්ධි ඒකකයේ නිලධාරීන් ලබාදුන් තොරතුරු මතයි.

සැකකටයුතු යාත්‍රාවක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම රත්‍රං තොගය සොයාගෙන ඇති අතර එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි දහයකට අධික බවයි ගණන් බලා ඇත්තේ.

වැටලීමේදී ඒ හා සමාන තවත් රත්‍රං තොගයක් මුහුදු පත්ලට විසි කරන්නට ඇති බවට විමර්ශකයින් සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යාත්‍රාවේ සිටි 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා

WhatsApp Group

Skip to content