Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මාර්තු මස 09 වන දා උදෑසන 07 සිට පස්වරු 04 දක්වා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන බවයි එමඟින් දැනුම් දී ඇත්තේ.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් අඥා පනතේ 38/01/ඇ උප වගන්තිය අනුවයි.

එමෙන්ම මැතිවරණ දිස්ත්‍රික් 24ක තේරීම්භාර නිලධාරීන් විසින් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ගැසට් නිවේදන 24ක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා අපේක්ෂකයින් අසූ දහස් හත්සිය විසි දෙනෙකු තරඟ කරන බව මැතිවරණ කොමිසම පැවසුවා.

එම අපේක්ෂකයින් පිළිගත් දේශපාලන පක්ෂ 58කට සහ ස්වාධීන කණ්ඩායම් 329කට අයත්.

මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් පළ වුණා.

https://www.vnews.lk/storage/2023/02/MIX-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content