ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා .

එහි දැක්වෙන්නේ මෙම විභාගයේ අයදුම්පත්‍ර අද සිට පෙබරවාරි 28 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ භාර ගන්නා බවයි .

අදාළ අයදුම් පත්‍ර ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පමණක් නිකුත් කිරීම් සහ භාර ගැනීම් සිදු කෙරෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා .

ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ සදහා ලබා දී ඇති කාලය කිසිදු හේතුවක් මත දීර්ඝ නොකරන බවයි .

WhatsApp Group

Skip to content