Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණයට ඇත්තේ තවත් මාසයක කාලයක්. මාර්තු 09 වනදා ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනතාව තුල පවතින්නේ යම් අවිනිශ්චිතතාවක්.

ඇතැම් පක්ෂ නියෝජිතයන්ද පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බවට අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා.

කෙසේ වෙතත් මැතිවරණය ඉලක්කර කර සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මැතිවරණ ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් සිටින අයුරු දැකගන්නට පුළුවන්.

පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු ඉදිරිපත්වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

ඊට ලියාපදිංචි දේශපාලන පක්ෂ 80ක් සහ ස්වාධීන කණ්ඩායම් 329ක් ඇතුළත්.

පොදුජන පෙරමුණ , එක්සත් ජාතික පක්ෂය සමග සමග සන්ධානගතව මෙවර තරග කරන අතර සමගි ජනබල වේගය, ජාතික ජනබලවේගය සහ නිදහස ජනතා සංධානය ද ඡන්ද සටන තීව්‍ර කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පස්වරුවේ බණ්ඩාරවෙලදී නිරුත්තර රටක උත්තරය රැලිය ආමන්ත්‍රණය කලා.

https://www.vnews.lk/storage/2023/02/SAJITH-EDIT.mp3?_=1

මේ තංගල්ලේ පැවති ජන හමුව ඇමතු ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා ..

https://www.vnews.lk/storage/2023/02/HANDUNNETHTHI.mp3?_=2

එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී කිත්සිරි මංචනායක මහතා පවසන්නේ විපක්ෂයේ කණ්ඩායම් මැතිවරණයක් ගෙනවිත් රට අස්ථාවර කිරීමට උත්සහ ගන්නා බවයි.

https://www.vnews.lk/storage/2023/02/KITHSIRI-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content