Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබද සභාව කල් තැබීමේ දෙදින විවාදය අද පෙරවරු 9.30ට ආරම්භ වුණා.

පළාත් පාලන මැතිවරණය පිළිබඳව විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී පසුගිය දා ඉල්ලීමක් කළා.

ඒ අනුවයි මැතිවරණය කල් දැමීම පිළිබද දෙදින විවාදය ලබා දීමට කතා නායකවරයා තීරණය කළේ. අද දින එම විවාදයේ අවසන් දිනයයි.

මේ අතර රටේ පවතින ඖෂධ හිගය සදහා කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඉල්ලා සිටියා.

https://www.vnews.lk/storage/2023/03/SAJITH-PREMADASA-EDIT.mp3?_=1

මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා.

https://www.vnews.lk/storage/2023/03/KEHALIYA-RABUKWELLA-EDIT.mp3?_=2

විශ්ව විද්‍යාලවල ප්‍රථම උපාධිය සහ පශ්චාත් උපාධිවල අධ්‍යයන කටයුතු දින නියමක් නොමැතිව නවතා දැමීම හේතුවෙන් දරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් විමසා සිටියා.

https://www.vnews.lk/storage/2023/03/BUDDHIKA-PATHIRANA-EDIT-1.mp3?_=3

මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා.

https://www.vnews.lk/storage/2023/03/SUSIL-PREMAJAYANTH-EDIT-2.mp3?_=4

වත්මන් ආණ්ඩුව විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සහ අධිකරණයේ බලය යටපත් කිරීමට කටයුතු කරන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

ඒ සදහා රවුෆ් හකීම් මහතා ද එක් වුණා.

https://www.vnews.lk/storage/2023/03/KIRIELLA-VS-RAUFHAKEEM-EDIT.mp3?_=5

WhatsApp Group

Skip to content