Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නිධන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීවරධාරියෙකු ඇතුලු සැකකරුවන් හයදෙනෙකු අම්පාර – දමන බක්මිටියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මොවුන් සතුව තිබූ පූජා භාණ්ඩ සහ උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, මන්නාරම – පල්ලිමුණ ප්‍රදේශයේදී සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කළ අවස්ථාවේ දී එහි තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ සිදු කළ වැටලීමක දී එම ලොරි රථයේ තිබී ජෙලග්නයිට් කූරු 158ක්, ඩෙටනේටර් 200ක් සහ අඩි 160ක් දිග සේවා නූලක් සොයාගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් අවුරුදු 35 සහ 54 යන වයස්වල පසු වන නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සදහන්.

WhatsApp Group

Skip to content