Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන සන්ධාන තුනක් තරග බිමට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව එක් සන්ධානයක් ද,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හවුල් පක්ෂවල ලංකා උත්තර සභාගය සහ ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව එක් සන්ධානයක් ද,ජාතික ජන බලවේගය වෙනම ද මැතිවරණ බිමට පිවිසීමට නියමිතව ඇතැයි සදහන් .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව මැතිවරණයට මුහුණදීම සඳහ මේ වන විට මූලික වටයේ සාකච්ඡා ආරම්භ වී තිබේනවා .

මේ අතර ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,උත්තර සභාගය හා නිදහස ජනතා සභාව එක්ව නව සන්ධානයක් යටතේ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇතැයි වාර්තා වනවා.

නිදහස ජනතා සභාවේ ප්‍රකාශ කලේ ,පළාත් පාලන මැතිවරණයට පුළුල් සන්ධානයකින් තරග කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ උත්තරය සභාගය සමඟ සාකච්ඡා පවත්වමින් තිබෙන බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂමන් පියදාස මහතා අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කලේ දැවැන්ත සන්ධානයකින් මැතිවරණයට ඉදිරපත් වන බවයි .

https://www.vnews.lk/storage/2022/12/ROHANA-LAXSMANA-EDIT-.mp3?_=1

මේ අතර ,පළාත් පාලන මැතිවරණය සඳහානාමයෝජනා කැඳවීම ලබන සතියේ සිදුකරන බවමැතිවරණ කොමිෂන් කමිෂන් සභාව දැනටමත් ප්‍රකාශයට පත් කර තිබෙනවා .
එසේ වුවහොත් මැතිවරණය පෙබරවාරි මාසයේ පැවත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම පළාත් පාලන පනත අනුව,පළාත් පාලන ආයතන,ලබන මාර්තු මස 20 වැනිදාට පෙර ස්ථාපිත කළ යුතු වනවා .

මේ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍යයත්, සමාජ මාධ්‍යයත් නියාමනය කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා.

https://www.vnews.lk/storage/2022/12/ELECTION.mp3?_=2

ද්විත්ව පුරවැසිභාවය ඇතුළු කරුණු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට කොමිසමට බලයක් නොමැති බව පෙන්වා දුන් නිමල් පුංචිහේවා මහතා අවධාරණය කළේ මැතිවරණ කොමිසමේ බලතල නව නීති මගින් පුළුල් කළ යුතු බවයි.

https://www.vnews.lk/storage/2022/12/ELECTION_-POWER.mp3?_=3

WhatsApp Group

Skip to content