උතුරු පළාත හැර සෙසු පළාත් අතර ගවමස් ප්‍රවාහනයට යළි අවසර ලබාදී ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

තවදුරටත් උතුරු පළාතේ ගවයින් සහ එළුවන් මිය යාම් සිද්ධි වාර්තා වන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවේ .

පසුගිය දිනවල පැවැති ශීත කාලගුණය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන් 1800කට ආසන්න පිරිසක් මිය ගියා.

මේ වනවිට නැගෙනහිර පළාතේ එම තත්ත්වය පහව යමින් පවතීන බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ

WhatsApp Group

Skip to content