සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව වාර්තා වනවා.

සෙසු ප්‍රදේශවල ස්ථාන කිහිපයක සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්වලත්, උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි.

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content