රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වනවා .

මෙම භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වූයේ උතුරුදිග කැලිෆෝනියා ජනපදයේ ප්‍රාන්තවලටයි .

මේ හේතුවෙන් පුද්ගලයන් දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලබා 11 දෙනෙකු රෝහලගත කෙරුණා .

ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ නිවාස සහ ගොඩනැගිලි දහස් ගණනකට හානි සිදු වී ඇති අතර 70,000 ක් විදුලිය බලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවයි .

WhatsApp Group

Skip to content