මෙරටට දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් විදෙස් ආයෝජන ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබෙනවා .

2050 වනවිට කාබන් මධ්‍යස්ථභාවය ලබා ගැනීම සහ පුනර්ජනනීය බලශක්ති සියයට 70ක ඉලක්කය ළඟා කර ගැනීම සහ කාබන් විමෝචන බලපත්‍ර වෙනුවෙන් වූ ජාත්‍යන්තර වෙළඳපොළ සොයා යෑම යන ඉලක්ක සම්පුර්ණ කර ගැනීම සඳහා විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ සැලසුම වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා .

WhatsApp Group

Skip to content