මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය නඟාසිටුවීමට ඉන්දීය රජයෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ප්‍රශංසනීය බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්ත දක්වා කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් මැදවච්චිය දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පැවති සමාරම්භක උත්සවයට එක්වෙමින් .

මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ සිදු කරන මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ උදෙසා සිදුකෙරෙන ආයෝජනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 91යි දශම 27ක් .

මෙහිදී අනුරාධපුර සිට වව්නියාව දක්වා කි. මී.48ක කොටසක් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර මීළඟ අදියර ලෙස වව්නියාව සිට ඕමන්ත දක්වා කි. මී.13ක කොටසක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත වනවා .

WhatsApp Group

Skip to content