Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

යුක්රේනය වෙත තවත් ආයුධ තොගයක් සැපයීමට පකිස්තානය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පතරොම් ඇතුළු යුද උපාංග තොගයක් සහිත බහාලුම් 159 ක්‍ යුක්රේනය වෙත මුහුදු මාර්ගයෙන් සැපයීමට පකිස්තානය සූදානම් වන බවටයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

එම පතරොම් තොගය මේ මස මාසය අග භාගයේදී පකිස්තානයෙන් පිටත් කර හරිනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පකිස්තානයේ කරච්චි වරායේ සිට පෝලන්තයේ Gdansk වරාය වෙත යොමු කෙරෙන පතරොම් රැගත් බහාලුම් අනතුරුව පෝල්න්තය හරහා යුක්රේනයට සැපයීමට නියමිතයි.

යුක්රේනයේ ප්‍රධාන ආයුධ සැපයුම්කරුවෙකු ලෙසයි පකිස්තානය සැලකෙන්නේ.

මීට පෙර පකිස්තානය බ්‍රිතාන්‍යය හරහා යුක්රේනයට ආයුධ සපයනු ලැබුවා.

මේ අතර යුක්රේනයට ආයුධ සැපයීම සම්බන්ධයෙන් රුසියාව අවස්ථා කිහිපයකදීම පකිස්තානයට අනතුරු ඇගවීම් ද නිකුත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content