පාකිස්ථානය දැඩි විදෙස් ණය අර්බුදයකට මුහුණ දී සිටින බව අමෙරිකානු බුද්ධි වාර්තාවක් මගින් අනාවරණ කර තිබෙනවා.

පාකිස්ථානය විසින් චීනය සහ සෞදි අරාබිය වෙත ඩොලර් බිලියන 77ක ණය මුදලක් ගෙවිය යුතුව ඇති බවයි අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.

කෙසේවෙතත් අදාළ ණය මුදල් ගෙවීම පිළිබදව පාකිස්ථානය දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ පවතින දේශපාලන ගැටුම් සහ දැඩි උද්ධමනය හමුවේ පාකිස්ථාන ආර්ථිකය කඩා වැටී ඇති බවයි.

WhatsApp Group

Skip to content