16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අද අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන දැනුම්වත් කරන්නැයි ද ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇතැයි සඳහන්.

16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ අවමංගල්‍ය අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

මේ අතර 16 වන බෙනඩික් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශෝකය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුවේ කොළඹ පිහිටි අපෝස්තලික තානාපති කාර්යාලය වෙත ගොස් තිබුණා.

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති බ්‍රයන් උඩේග්වේ හිමිපාණන් බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමග කෙටි කථා බහකද නිරත වුණා.

WhatsApp Group

Skip to content