පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ජනවාරි මාසයේදීම සිදුකරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

මේ අනුව පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන ජනවාරි 18 වැනි බදාදා සිට ආරම්භ කරන බවයි එම කොමිසම පවසන්නේ.

නාමයෝජනා කැඳවීම ලබන ජනවාරි 21 සෙනසුරාදා මධ්‍යහන 12 න් අවසන් වන බව කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටියා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී, ප්‍රමාද වූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කොමිසම සිය තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එම අවස්ථාවේදී කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා කියා සිටියේ එක් එක් කොට්ඨාසය සඳහා තේරී පත්වන නියෝජිතයින් සංඛ්‍යාව පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය වසරේ දෙසැම්බර් මස 08 වැනි දින නිකුත් කරන බවයි.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ජනවාරි මස 23 වනදා බව මැතිවරණ කොමිසම දැනුම් දුන්නා.

මේ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුන් සිය අයදුම්පත් අද සිට ලබන 23 වනදා මධ්‍යම රාත්‍රී 12 ට පෙර සිය ආයතන ප්‍රධානීන් හරහා ඉදිරිපත් කළ යුතු වනවා.

WhatsApp Group

Skip to content