Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සමගි ජන බලවේගය පක්ෂය සහ ඩලස් කණ්ඩායම හෙට පෙරවරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය පක්ෂය සමග සන්ධාන ගතව සිටින දේශපාලන පක්ෂ බොහොමයක් එම උත්සවයට සහභාගිවීමට නියමිතයි .

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට සහභාගි නොවුණත් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දෙදින විවාදයට සහභාගිවන බව ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම පැවසුවා.

ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය ලබන 09 සහ 10 පැවැත්වේනවා.

මේ අතර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී වන බව සදහන් .

නවවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට පෙරවරු 10.00 ට විවෘත කිරීමට නියමිතය.

WhatsApp Group

Skip to content