තුර්කිය සහ සිරියාව අතර හටගත් භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 5000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

තුර්කියේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3419ක් ලෙස තහවුරු කර ඇති අතර සිරියාවේ මරණ 1602ක් තහවුරු වී ඇති බව සඳහන්.

එමෙන්ම දෙරටේම තුවාල ලැබූ සංඛ්‍යාව 2500කට අධික බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අතර මෙම භූ කම්පනයේදී තවත් සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය විසින් අද අනාවරණය කළා.

ඒ සුන්බුන් අතර සිරවී සිටි ගැබිණි මවක් දරුවෙකු ප්‍රසූත කර මිය යාමක් පිළිබඳවයි.

එක් වරම දරුවෙකු හඬන ශබ්දය ඇසීමෙන් ක්‍රියාත්මක වූ සහන කණ්ඩායම් සුන්බුන් මැද සිරවී සිටි අලුත උපන් බිළිදෙකු සහ මවක් සොයා ගත් අතර දරුවා උපන් මොහොතේම මව මිය ගිය බවයි වාර්තා වන්නේ.

එම පිරිස කඩිනමින් දරුවා ගොඩනැගිලි සුන්බුන් අතරින් පිටතට ගැනීමට සමත් වී තිබෙනවා.

එම අවස්ථාවේදී ගලවා ගැනීමේ කණ්ඩායම අතර සිටි පුද්ගලයෙකු ජංගම දුරකථනයෙන් පටිගත කරන ලද මෙම සංවේදී වීඩියෝව මේ වන විට මාධ්‍යයෙහි සංසරණය වෙමින් පවතිනවා.

මේ වන විට සහන කණ්ඩායම් මෙන්ම මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන අතර ඉදිරියේදී තවදුරටත් මරණ අනුපාතය ඉහළ යා හැකි බවටයි වාර්තා වන්නේ.

අදාළ සහන කටයුතු සඳහා ශ්‍රී ලංකාවද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව සහාය දීමට ඉදිරිපත් වී තිබෙනවා.

මේ තුර්කියේ සිටින ශ්‍රී ලංකා තානාපතිනිය වන හසන්ති දිසානායක මහත්මිය දැක්වූ අදහස්.

https://www.vnews.lk/storage/2023/02/HASANTHI-DISSANAYAKA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content