පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව සඳහන්.

ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ හෙට පස්වරු 2.00ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි.

කෙසේ වෙතත් වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ලබන 08 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත අතර ඒ පිළිබඳව ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුකිරීමට නියමිත බව වාර්තා වනවා.

WhatsApp Group

Skip to content