Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතු`ඵ තීරණ රැසක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එළඹෙන බදාදා පෙරවරු 9.30ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් තිදෙනෙකුද පසුගිය දා පත් කරනු ලැබුවා.

ආචාර්ය ප්‍රතාප් රාමුනජන්, වෛද්‍ය අනුලා විජේසුන්ද සහ ආචාර්ය දිනේෂ් සමරරත්න එම සාමාජිකයන් තිදෙනායි. එම සාමාජිකයින් පත් කිරීමට පසුගිය 18වන දා පාර්ලිමේන්තුවේ අනුමැතිය ද හිමි වුණා.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව සඳහා ප්‍රධාන විපක්ෂය නොවන විපක්ෂයේ සෙසු පක්ෂවල නියෝජිතයන් තවමත් පත් කර නොමැති අතර එළඹෙන බදාද දින පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත් අදාළ සාකච්ඡාව අද දින පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

WhatsApp Group

Skip to content