යතුරුපැදියකට මාර්ගයේ ඉඩ ලබාදීමට ගිය කුඩා ලොරි රථයක් පාලමේ ආරක්ෂිත වැට බිදගෙන දිඹුල – පතන ඩෙවෝන් ඇළට පෙරළීමෙන් එම ලොරියේ රියදුරාට සහ රිය සහායක බරපතළ තුවල ලබා රෝහල්ගත කර තිබෙනවා.

තුවාල ලැබූ තුවාලකරුවන් කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණ ද, වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට මාරු කර යවා ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් – කොටගල යදන් සයිඩ් වතුයායට පිවිසෙන පාලම මතදියි. මෙම ලොරිය අඩි 20ක පමණ පහළින් පිහිටි ඇළට පෙරළී ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ලොරියේ පසුපස ගමන් කළ පුද්ගලයින් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් දික් ඔය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content