Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නව පාසල් වාරයේ පාසල් ළමුන්ට අවශ්‍ය පොත් පත්, සපත්තු, නිල ඇදුම්වල තවදුරටත් ඉහළ ගොස් ඇති බව භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයින් පවසනවා.

අප වාර්තාකරු කියා සිටියේ පාසල් උපකරණවල මිල ඉහළ යාම සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමකදී මේ බව අනාවරණය වූ බවයි.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී පාසල් උපකරණවල මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා.

මේ අතර රුපියල් 10 ට තිබූ බෝල්පොයින්ට් පෑනක මිල රුපියල් 30 දක්වාත්, පොත්වල පිටු ප්‍රමාණය අනුව ඒවායෙහි මිල ද රුපියල් 100 කට වැඩි මුදලකින් ඉහළ ගොස් තිබෙනවා.

සෑම පාසල් උපකරණයකම මිල ඉහළ ගොස් ඇති අතර රුපියල් 1500 ක්ව පැවති සපත්තු යුගලක මිල ද මේ වන විට  රුපියල් 4000 ඉක්මවා ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content