Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදසිරිපත් කිරීම හේතුවෙන් දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකලභාවය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.

කතානායකවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සභාවට දැනුම් දෙමින්.

මේ අතර විසර්ජන පනත් කෙටුම්පතේ තෙවන වර කියවීමේ කල්තබන ලද විවාදය සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ආරම්භ කරනු ලැබුවා.

එමෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් විමසා සිටියේ ඉදිරි වර්ෂයේදී ආහාර මෙන්ම ඉන්ධන ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම සඳහා අවශ්‍ය කරන මුදල් ලබාගන්නේ කෙසේ ද යන්නයි.

මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2022/11/LAXMAN-KIRIELLA-VS-SIYABALAPITIYA-EDIT.mp3?_=1

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාණ්ඩ 630 ක් යටතේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය තුළින් එම භාණ්ඩවල මිල සෙස් බද්ද යටතේ අසීමිත ලෙස ඉහළ නංවා ඇති බවට ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී චෝදනා කළා.

https://www.vnews.lk/storage/2022/11/LAKSHMEN-KIRIELLA-EDIT-01.mp3?_=2

මේ ඒ සඳහා පිළිතුරු ලබාදුන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා.

https://www.vnews.lk/storage/2022/11/RANJITH-SIYABALAPITIYA-EDIT-01.mp3?_=3

 

කිසිඳු හිඟයකින් තොරව පාසල් දරුවන්ට පෙළ පොත් ලබාදීම නිසියාකාරව සිදුවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ දරු පරපුරට කිසිඳු බාධාවකින් තොරව අධ්‍යාපනය කරගෙන යාම සඳහා අවශ්‍ය කරන සියලු දේ රජය විසින් සපයන බවට අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් කියා සිටියා.

https://www.vnews.lk/storage/2022/11/DINESH-GUNAWARDENA-EDIT.mp3?_=4

 

WhatsApp Group

Skip to content