2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් කල් දැමීමට තීරණය කිරීමෙන් පසු පාසල් නිවාඩු කාලය සංශෝධනය කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

අප්‍රේල් 17 වැනිදා ආරම්භ වන පාසල් වාරය මැයි 29 වැනිදා දක්වා පැවැත්වෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

එමෙන්ම නව පාසල් කාලසටහන කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යංශය පැවසුවා . 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වැනිදා ආරම්භ වන අතර එය ජුනි 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි .

WhatsApp Group

Skip to content