ඉන්ධන මිල අඩු වීමත් සමග පාසල් වෑන් රථ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ප්‍රතිශතයක් ලෙස මිල අඩු කිරීම අපහසු බැවින් සියලු දෙනා සමග සාකච්ඡා කොට මිල ගණන් තීරණය කළ යුතු බවයි.

මේ අතර ඉන්ධන මිල අඩු වීමේ වාසිය බස් ගාස්තුව සම්බන්ධයෙන් පමණක් නොව අනෙකුත් ක්ෂේත්‍රවලින් ද ජනතාවට ලබා දිය යුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියා.

කෙසේ වෙතත් ඉන්ධන මිල අඩු වුවද දුම්රිය ගාස්තු මේ මොහොතේ පහළ දැමීමේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/03/LASANTHA-EDIT.mp3?_=1

මේ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමත් සමග බස් ගාස්තු සියයට 12.9 කින් පහත දමන බවයි ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content