Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාස්කු ප්‍රහාරයට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවකු විසින් ඇප ලබාදෙන්නැයි කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

වසර තුනක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මොහොමඩ් ඊබ්‍රහිම් ස්මයිල් විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් මෙලෙස ප්‍රතික්ෂේප වී තිබෙනවා.

විත්තිකාර පාර්ශවයේ නීතිඥවරුන් මෙම ඉල්ලීම අද සිදු කළ අතර කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

පාස්කු ප්‍රහාරයේ තොරතුරු දැනගෙන ඒ පිළිබඳ පොලිසියට දැනුම් නොදීම ඇතුළු අධිචෝදනා යටතේ සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළ නඩුව විභාග වන අවස්ථාවේ දී විත්ති කූඩුවට නොනැඟීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද අවවාද කර තිබෙනවා.

ඉන් අනතුරුව මෛත්‍රිරිපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නැගි බවයි වාර්තා වන්නේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැණුනා.

එහිදී හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවට නැගීමකින් තොරව පිටත රැඳී සිටියා. එම අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඊට විරෝධය පළ කළා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා කියා සිටියේ, සිය සේවා දායකයා වෙනුවෙන් පවරා ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගැනීම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්තිකූඩුවට නැගීමක් සිදු නොකළ බව යි.

අභියාචනාධිකරණය විසින් තම අධිකරණයට නියෝග කර ඇත්තේ සැකකරුට චෝදනා පත්‍රය කියවා දී නඩුවේ ඉදිරි කටයුතු යළි අභියාචනාධිකරණ තීන්දුවක් ලබාදෙන තුරු වැළැක්වීම මිස ඔහුට විත්ති කූඩුවට නොනගින ලෙස නියෝගයක් නොවන බවයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ඉන් අනතුරු ව හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවට නැඟ ඇති අතර, නඩුව යළි මාර්තු 17 වැනි දා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

WhatsApp Group

Skip to content