ගල් අඟුරු නෞකා 14 ක් මෙරරට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

මීට පෙර ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයකට අනුව මේවා මෙරටට ගෙන ඒමට නියමිත බවයි ගල් අඟුරු සමාගම පවසන්නේ.

එහි අධ්‍යක්ෂ නාමල් හේවගේ මහතා පැවසුවේ, මේ වනවිට ගල් අඟුරු නෞකා 5 ක් මෙරටට රැගෙන විත් ඇති බවයි.

මින් පෙර ගල් අඟුරු ගෙනඒම සඳහා කරන ලද ටෙන්ඩර් කිහිපයක් අසාර්ථක වී තිබුණා.

එබැවින් වෙනත් ක්‍රියාදාමයක් මත තවත් ගල් අඟුරු නෞකා 12 ක් මෙරටට ගෙන ඒමටයි සැලසුම් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content