ඉදිරි දින 90 ක කාලය තුළ චීන වැසියන්ගෙන් සියයට හැටක පමණ ප්‍රතිශතයකට කොරෝනා වයිරසය ආසාදනය වනු ඇති බවට අනතුරු අඟවා තිබෙනවා.

චීනයේ කොරෝනා වයිරසය ශීඝ්‍ර යෙන් පැතිර යන බවයි ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නලය සදහන් කරන්නේ.

එරට රොහල්වල දැඩිසත්කාර ඒකකයන් රෝගීන්ගෙන් පිරී ඇති බවද වාර්තා වනවා.

ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් එක් ආසාදිතයෙකු හමු වුවද එම ප්‍රදේශය වසා දැමීමට චීන රජය කටයුතු කළා.

ඒ හේතුවෙන් හටගත් ජනතා විරෝධයත් සමග පනවා ඇති නීති ලිහිල් කිරීමටයි රජය පියවර ගත්තේ.

ඒ සමගම චීනය පුරා කොරෝනා ව්‍යාප්තිය උත්සන්නවී තිබෙනවා.

WhatsApp Group

Skip to content