Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පිරිමි පුද්ගලයින්ව කාන්තාවන් විසින් සම්භාහනය කිරීම අත්හිටුවා ඇති බව ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන මහතා පවසනවා.

මේ අනුව පිරිමි පුද්ගලයින් සම්භාහනය කිරීමට පිරිමි පුද්ගලයිනුත් කාන්තාවන් සම්භාහනය කිරීමට කාන්තාවනුත් වශයෙන් නීති සම්පාදනය කරනු ඇති බවයි ආයුර්වේද කොමසාරිස්වරයා කියා සිටියේ.

ඒඩ්ස් ඇතු`ඵ ලිංගාශ්‍රීත රෝග බහුල වශයෙන් සම්භාහන මධ්‍යස්ථාන හරහා ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

සිය`ඵම සම්භාහන මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර පළපුරුදු වෛද්‍යවරයෙකු ද ඒ සඳහා අනුයුක්ත කිරීම අනිවාර්්‍ය වෙනවා.

එමෙන්ම සම්භාහන කටයුතුවල නිරත වන කාර්ය මණ්ඩලය වෘත්තිය දැනුමකින් සහ මනා පුහුණුවකින් හෙබි විය යුතු බවද ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන මහතා වැඩි දුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content