Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ දේපළ අයථා ලෙස උපයාගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබේ ද? නැද්ද? යන තීන්දුව පෙබරවරි මස 28 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළා.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ”පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා” රජයේ සේවකයෙකු වශයෙන් අර්ථකථනය කර නොමැති බැවින් ඔහුට එරෙහිව අල්ලස් පනත යටතේ මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මූලික විරෝධතා මතු කර තිබෙනවා.

එම මූලික විරෝධතාවට අදාළ ලිඛිත දේශන අද දෙපාර්ශ්වයේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවා .

ඉන් අනතුරුව එම නඩුව පවරා පවත්වාගෙන යාමට හැකියාවක් තිබේ ද? නැද්ද? යන තීන්දුව පෙබරවාරි මස 28 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළා.

2010 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයාගත් වී යැයි චෝදනා කරමින් අල්ලස් පනත යටතේ අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශ මහතාට එරෙහිව එම නඩුව පවරනු ලැබුවා .

WhatsApp Group

Skip to content