Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මාස අටක කාලයක් තුළ පිරිමි රැඳවියන්ට ලිංගික අතවර කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවට  බ්‍රිතාන්‍යයේ  Lancashire හි Kirkham බන්ධනාගාර පුස්තකාලයාධිපතිනිය  පවසනවා.

ඇය 45 හැවිරිදි Sharon Mawdsley.

2018 ජූලි දක්වා ඇය සේවය කළ Lancashire හි Kirkham බන්ධනාගාරයේදී පිරිමින් රැසකට අතවර කළ බවටයි  චෝදනා එල්ල වන්නේ.

ඇය එල්ල වී ඇති සමස්ත චෝදනා ගණන 9ක්.

ඉන් තුනක් පොදු කාර්යාලයක විෂමාචාරය සම්බන්ධයෙන්.

පිරිමින්ට ලිංගික අතවර කිරීම් සිද්ධි 6ක්.

පැවති කෙටි නඩු විභාගයේදී ඇයට එල්ල වන චෝදනා සනාථ කිටිමට පැමිණිලි පාර්ශවය කරුණු දක්වා නැහැ.

Sharon ප්‍රෙස්ටන් ක්‍රවුන් අධිකරණයේදී චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඉල්ලා සිටියේ අප ලබා දෙන ලෙසයි.

කොන්දේසි විරහිතව ඇයට ඇප ද හිමිව තිබෙනවා.

ලබන වසරේ නඩු විභාගයට පෙනී සිටිනු ඇති.

විනිසුරු හීදර් ලොයිඩ් කොන්දේසි විරහිත ඇප ලබා දී  ලබන සැප්තැම්බරයේ නඩු විභාගය සඳහා  දින නියම කළා.

ඇය ජනවාරි මාසයේදී අභියාචනාවක් සඳහා නැවත අධිකරණය හමුවේ පෙනී සිටිමටයි සැලසුම් කර ඇත්තේ.

ජූලි මාසයේදී පූර් ව  නඩු විභාගයක් පවත්වනු ඇති.

2017 දෙසැම්බර් 1 වැනිදා සිට 2018 ජූලි 5 වැනිදා දක්වා මාස අටක කාලය ට අදාලව   මෙම ලිංගික චෝදනා එල්ල වී තිබෙනවා.

2018 දී රැකියාවෙන් පිටත්ව යාමට පෙර, Sharon Mawdsley කාණ්ඩයේ බන්ධනාගාරයේ සේවය කරන අතරතුර Lanchashire County කවුන්සිලයේ පුස්තකාලයේ  සේවයේ කළා.

WhatsApp Group

Skip to content