Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානි (Anant Ambani) මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් 13 දෙනෙකු තෝරා ගෙන, රැගෙන ගොස් තිබූ අතර ඔවුන් අද (07) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා.

ඔවුන් “සිට්‍රස්” (Citrus) හෝටල් සමූහය නියෝජනය කරමින් කොළඹ සිට්‍රස් හෝටලයේ “සිලෝන් කරි ක්ල්බ්” (Ceylon Curry Club) අවන්හලෙහි සේවය කරන සූපවේදීන් පිරිසකි.

මෙම සූපවේදීන් පාරිභෝගික ප්‍රතිචාර සහ ගූගල් ඇගැයීම් සහ නිර්දේශ මත තෝරා ගෙන තිබුණි .

මෙම පිරිසට සූපවේදීන් 12 දෙනෙකු සහ එක් සූපවේදිනියක් ද ඇතුළත් වී සිටියහ .

මෙම ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට මාර්තු මස 03 දින එම විවාහ මංගල්‍යයට සහභාගී වන පිරිස සදහා දිවා ආහාර පිළියෙල කිරීමට අවස්ථාව ලබා දී තිබූ අතර, ඔවුන් පිළියෙල කළ ආහාර වලට පැවති ප්‍රතිචාර, පැසසුම් මත තවත් අතිරේක දිනයක් ලෙස මාර්තු මස 04 වැනි දින ද එම උත්සවයේ රාත්‍රී ආහාර ද පිළියෙල කිරීමේ වගකීම ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට හිමි වී තිබුණි.

WhatsApp Group

Skip to content