Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජන කැඳවීම ජනවාරි මස 18 වැනිදා සිට 21 වැනිදා දහවල් 12 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ජනවාරි 20 වැනිදා දහවල් 12 දක්වා අවස්ථාව පවතින බවයි මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ.

කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම් අද(04) දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් මේ වන විටත් නිකුත් කර ඇති බවයි.

නාම යෝජනා භාර ගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධ විස්තර, අපේක්ෂකයින් සංඛ්‍යාව, කාන්තා නියෝජනය ඇතුළු කරුණු අදාළ දැන්වීමේ ඇතුළත් වනවා.

ඒ අනුව පළාත් පාලන ආයතන 341න් ආයතන 340ක් සඳහා මෙලෙස නාම යෝජනා කැඳවීමේ දැන්වීම් නිකුත් කෙරෙනවා.

 

WhatsApp Group

Skip to content