පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි, මැතිවරණ කොමිසම පවසනවා .

එම කොමිසම සඳහන් කළේ, සාධනීය ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි, අපේක්ෂා කරන බවයි.

මේ අතර මේ සතිය තුළ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවට අවස්ථාවක් ලැබෙනු ඇති බවටද , අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා .

කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අප්‍රේල් 04 වැනිදා කොමිසම රැස්වී මැතිවරණය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි.

WhatsApp Group

Skip to content