Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තම පාලනයට එරෙහිව පැන නගින විරෝධතා මැඩ පැවැත්වීමට පසුබට නොවන බව මියන්මාර හමුදා නායකයා සදහන් කරනවා.

මියන්මාරයේ වාර්ෂික හමුදා පෙළපාලිය ඊයේ පැවති අතර එයට සහභාගී වෙමිනුයි ජෙනරාල් මින් අවුන්ග් හ්ලෙන්ග් මේ බව සදහන් කර සිටියේ.

2021 වසරේ කුමන්ත්‍රණයක් මගින් මියන්මාර පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසු එරට හමුදාවට විරුද්ධව රටපුරා උද්ඝෝෂණ පැවැත්වෙනවා.

එහිදී උද්ඝෝෂකයින් හා හමුදාව අතර හටගත් ගැටුම්වලින් සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මියගොස් ඇති අතර තවත් මිලියනයකට අධික සංඛ්‍යාවක් අවතැන්ව සිටිනවා.

මියන්මාරයේ ඉදිරි ගමනට බාධා කරන කිසිදු කටයුත්තක් පාලනය කිරීමට හමුදාව නොපැකිළිව කටයුතු කරන බවයි හමුදා නායකයා පවසන්නේ.

WhatsApp Group

Skip to content