Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පේදුරුතුඩුව, නගර් කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයේ නවතා තිබූ ධීවර බෝට්ටු 10ක් ඊයේ අළුයම් කාලයේදී ගිණි තබා තිබෙනවා.

ඒ අනුව ලැබුණු පැමිණිල්ලකට අනුව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය සදහන් කළා.

මෙම ගින්න ඇති වූ අවස්ථාවේ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ක ගින්න මැඩපවත්වා ඇති අතර, ගිනි ගැනීමෙන් බෝට්ටු වලට සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි පොලීසිය සදහන් කළේ.

මෙම බෝට්ටු වලට ගිනි තැබීම සිදු කර ඇත්තේ කවුරුන්ද යන්න පිළිබදව පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලීසියි වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content