කුරුණෑගල, තෝරයාය, අටමුණේ ප්‍රදේශයේ පදිංචි මවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිව් නිවුන් දරුවන් බිහිකර තිබෙනවා.

පිරිමි දරුවන් තිදෙනෙකු සහ එක් ගැහුණු දරුවෙකු මෙලෙස බිහිකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අලුත් උපන් දරුවන් සිව්දෙනා සහ මව මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් ඥාණරත්න මහතා සඳහන් කලේ.

නිවුන් දරුවන් බිහිකළ මව 30 හැවිරිදි වියේ පසුවන පාසල් ගුරුවරියක් බවයි වාර්තා වන්නේ.

https://www.vnews.lk/storage/2023/04/MAWA-EDIT.mp3?_=1

මෙලෙස බිහිකළ නිවුන් දරුවන් සිව්දෙනා රෝහලේ නව ජන්ම ළදරු විශේෂ ප්‍රතිකාර ඒකකයට යොමු කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් ඥාණරත්න මහතා සඳහන් කලේ විනාඩි 10ක පමණ කාල පරතරයක් ඇතිව දරුවන් සිව්දෙනා පිටතට ගැනීමට හැකිවූ බවයි.

 

 

WhatsApp Group

Skip to content