Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර ගුවන් තොටුපොළේදී පසුගිය 15 වැනිදා කාර්මික දෝශයකට ලක්වී තිබූ ශ්‍රීලංකන් ගුවන් යානය අද උදෑසන 7.40ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියා .

යානය තුළ සිටින මගීන් සංඛ්‍යාව 218ක් වන අතර කාර්ය මණ්ඩලය සමාජිකයින් සංඛ්‍යාව 17 බව සදහන් .

ශ්‍රීලංකන් ගුවන් සේවයේ යූ.එල්. 605 දරන ගුවන් යානය පසුගිය 15 වැනිදා රාත්‍රී 10.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබුණා .

එහි හටගත් කාර්මික දෝශය හේතුවෙන් ගුවන් යානය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් 06 දෙනෙකුගෙන් යුතු පිරිසක් පසුගිය 15 දින රාත්‍රීයේ දී ඕස්ට්‍රේලියාව වෙත පිටත්ව ගියා .

අලුත්වැඩියා කටයුතු කිරීමෙන් අනතුරුව ගුවන් යානය අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළා .

 

 

 

 

 

 

 

WhatsApp Group

Skip to content