Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්ව සිටි බව වාර්තා වනවා .

විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනුයි ඊයේ පස්වරුවේ මෙම පක්ෂ කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ.

එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය ඇතුළු කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා .
මෙම කණ්ඩායම් රැස්විම් සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, එම පක්ෂ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, ඉමිතියාස් බාකීර් මාකර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා .

මේ අතර ඊයේ දිනයේදීත් මැතිවරණය සම්බන්ධයෙන් දේශපාන නියෝජිතයින් විවිධ අදහස් පල කළා .

මේ එලෙස අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක ,ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ,සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරුන් .

https://www.vnews.lk/storage/2023/03/MIX-EDIT-1-8.mp3?_=1

WhatsApp Group

Skip to content