Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 24 වැනිදා දක්වා දින 04ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව වැඩබලන පාර්ලිමේන්තුවේ මහලේකම් ටිකිරි කේ ජයතිලක මහතා පවසනවා.

ඒ අනුව අද පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස්වන අතර පෙරවරු 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇති අතර, අනතුරුව නීති අධ්‍යාපන සභා ආඥා පනත යටතේ ගැසට් පත්‍රයක පළකර ඇති රීති විවාද කිරීමකින් තොරව අනුමත කරගැනීමට නියමිතව තිබෙනවා.

ඉන්පසු පෙරවර10.30 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය විවාදයට ගෙන අනුමතිය ලබා ගැනීමට නියමිතව ඇති බවයි වැඩබලන මහලේකම්වරයා සදහන් කළේ.

මේ අතර මෙම සතියේ පාර්ලිමේන්තුවේදී පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ රැස්වීම් 03ක්, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ රැස්වීම් 02ක් සහ මහජන පෙත්සම් කාරක සභා රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content