නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට ලබාදුන් පොදු සමා කාලයේ පළමු සතියේදී 7,156 දෙනෙකු ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
යුද හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින පිරිසට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පසුගිය විසි වනදා සිට ලබන 20 වනදා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ඒ අනුව එහි පළමු සතියේදී 2023 දෙසැම්බර් 31 වන දින සහ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයින් 7,143 දෙනෙකු ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිකව අස් කිරීමට කටයුතු කර තිබෙනවා.
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයින් 13 දෙනෙකු ද මෙම කාලසිමාව තුළ නීත්‍යානුකූලව ඉවත් වීම සදහා කටයුතු කර ඇති බවයි යුද හමුදාව නිවේදනය කළේ.

WhatsApp Group

Skip to content