දිවයින පුරා සේවයේ නියුතු සියලුම සංවර්ධන නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව සංවර්ධන නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය පවසනවා.

එහි සභාපති නීතීඥ අනුරාධ සෙනෙවිරත්න මහතා කියා සිටියේ ප්‍රවාහන හා ලිපිද්‍රව්‍ය ලබා නොදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

WhatsApp Group

Skip to content