Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ සමාජිකයින් පිරිසක් අලු‍ත්කඩේ අධිකරණ සංකීර්ණය අසළ සිදුකරන නිහඩ විරෝධය වළක්වන නියෝගයක් ඉල්ලා කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එම ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ අතර එම අවස්ථවේ මෙම නිහඩ විරෝධතාවය පැවැත්වුණා.

එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ විරෝධතාකරුවන් ජනතාවට පීඩාවන ආකාරයට කටයුතු කරන්නේ නම් එය වැළැක්වීමට පොලිසිය සතු බලතල ක්‍රියාත්මක කළ හැකි බවයි.

WhatsApp Group

Skip to content