Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හට නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටුකිරීම සඳහා පත් කිරීම් හා ස්ථාන මාරුවීම් කිහිපක් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් සිදු කර තිබෙනවා.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ, මැතිවරණ කොමිෂන් සභාවේ සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්වයි.

රාජකාරී ඉටුකිරීම සඳහා පත් කිරීම් හා ස්ථාන මාරුවීම් හදිසි රාජකාරී අවශ්‍යතාවය මත සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීම් සඳහා පුත්තලම් කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.වී.පී. අජිත් හේසිරි මහතා බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටුකිරීමට මාරු කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.ජී.ජේ.ආර්. ගුණසේකර මහතා නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටුකිරීමටත් ජමඩකලපුව කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටුකිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.බී.ටී. සුගතපාල මහතාත් ස්ථාන මාරු කර තිබෙනවා.

එසේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕ. හේවාවිතාරණ මහතා මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට රාජකාරී ඉටුකිරීම සඳහාත් පත් කර තිබෙනවා.

මේ අතර ස්ථාන මාරුවිම් කිහිපයක්ද සිදු කර තිබෙනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ.කේ. ජයසිංහ මහතා බණ්ඩාරවෙල කොට්ඨාසභාර තනතුරේ සිට නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.සී.ඒ. පුෂ්පකුමාර මහතා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට පුත්තලම කොට්ඨාස භාර නිලධාරී ලෙසත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එම්.යූ.පී. කළුපහන මහතා දේපළ කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට බණ්ඩාරවෙල කොට්ඨාස භාර නිලධාරීවරයා ලෙසත් මාරුකර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශයේ සම්බන්ධීකරණ නිලධාරී ලෙස සිට මඩකලපුව කොට්ඨාස භාර නිලධාරි ලෙස වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ඒ. එදිරිමාන්න මහතා ස්ථාන මාරු කර ඇති අතර පොලිස් අධිකාරී එන්.ආර්.එච්.පී. ගුණසේකර මහතා ප්‍රවාහන කොට්්‍යාසයේ සිට දේපල කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසත් ස්ථාන මාරු කර තිබෙනවා.

පොලිස් අධිකාරි එච්.එම්.එන්.එන් හේරත් මහතා ගම්පහ කොට්ඨාසයේ සිට මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content