Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

යුක්‍රේනයට අධිතාක්ෂණික යුද ටැංකි 31 ක් ලබාදීමට අමෙරිකාව සැලසුම් කර තිබෙනවා.

එම් වන් ඒබ්‍රහම් වර්ගයේ අතිනවීන යුද ටැංකි ඊට අයත් බවයි ඇමෙරිකාව පවසන්නේ.

ජර්මනිය සහ පෝලන්තය ද අධිතාක්ෂණික යුද ටැංකි යුක්‍රේනයට ලබාදීමටයි එකඟ වී ඇත්තේ.

යුක්රේනයට යැවෙන පළමු සන්නද්ධ රථ තොගයට ලෙපර්ඩ් 2 වර්ගයේ ටැංකි 14ක් අයත්වන බව ජර්මනිය නිවේදනය කළා.

කෙසේ වෙතත්, ජර්මනියේ රුසියානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරන්නේ ජර්මනිය – යුක්‍රේනයට යුද ටැංකි ලබාදීමට ගත් තීරණය අතිශය භයානක බවයි.

එය රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුම් නව තලයකට ඇද දමන බව ද ජර්මනියේ රුසියානු තානාපති කාර්යාලය පෙන්වා දෙනවා.

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට දරන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා යුරෝපයේ මිත්‍ර පාර්ශව රාජ්‍යයන් විසින් යුධ ටැංකි 90 ක් පමණ යුක්රේනයට ලබාදීමට සුදානමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

WhatsApp Group

Skip to content