පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වන දන්සල් පිළිබඳ තොරතුරු තම ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සේවය කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දන්වන්නයි  ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ ආකාරයට තොරතුරු ලබා දෙන සෑම ප්‍රද්ගලයෙකුමට සෞඛ්‍ය ආරක්ෂිතව දන්සලක් පවත්වාගෙන යන ආකරය පිලිබදව උපදෙස් ලබා දිමට කටයුතු කරණ බවයි  එම සංගමයේ ලේකම් මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. අයි. බෝපිටියගේ මහතා සඳහන් කළේ.

පොසෙන් උත්සවය වෙනුවෙන් පවත්වන සියලුම දන්සල අදළ දිනවලදි පරික්ෂාවකට ලක් කරන බවත් ඒ සදහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 2400 සේවයේ යොදවන බවත් ඒ මහතා කියා සිටියා.

දන්සලක් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යාමට අමතරව කැලිකැසල නිසිලෙස බැහැර කිරිමත් ඉතාමත් වැදගත් බවත් මේ අනුව දන්සලක් පැවැත් විම පිළිබඳව ලියාපදිංචිය ලබා ගන්නා සෑම සංවිධායකවරුයෙකුටම ඒ පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා දෙන බවයි බෝපිටියගේ මහතා කියා සිටියේ.

WhatsApp Group

Skip to content