ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතන ප්‍රධානීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා.

පොදුජන පෙරමුණේ තෝරාගත් මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ප්‍රධානීන් 50 දෙනෙකු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී.

හමුව ට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද එක්ව තිබුණා.

පොදුජන පෙරමුණු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ එහි දී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි.

WhatsApp Group

Skip to content