එක්සත් අරාබි එමීර් රාජ්‍යය – විදෙස් ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් නව නීති මාලාවක් හඳුන්වා දී තිබෙනවා.

එය අද සිට බලාත්මක වනු ඇති.

ගෘහ සේවිකාවන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් ආරක්ෂා වන ආකාරයෙන් නව නීති මාලාව සකස් වී ඇති බවයි එරට වාර්තා සඳහන් කලේ.

ඒ අනුව ගෘහ සේවිකාවන් බඳවා ගැනීම හෝ තාවකාලික රැකියා සඳහා අවසර දෙනු ලබන්නේ එරට මානව සම්පත් අමාත්‍යාංශයෙන් අදාළ බලපත්‍රයක් ලබා ගන්නේ නම් පමනයි.

එමෙන්ම අවුරුදු 18 ට අඩු දැරියන් ගෘහ සේවයට බඳවා ගැනීම හෝ මෙහෙකාර සේවයේ යෙදවීම නව නීති අනුව සම්පුර්ණයෙන් තහනම්.

WhatsApp Group

Skip to content